26.8 C
Colombo
Sunday, April 6, 2025

ඩයනාගේ ගැටුම ගැන පොලිස් විමර්ශන

- Advertisement -

පාර්ලිමේන්තුව තුළ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර මහතා සහ සුජිත් සංජය පෙරේරා මහතා විසින් සිදුකළ පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භ කළ බව වැලිකඩ පොලිසිය පවසනවා.

රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ විසින් වැලිකඩ පොලිසියටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර මහතා සහ සුජිත් සංජය පෙරේරා මහතා විසින්මිරිහාන පොලිසියටත් පැමිණිලි සිදුකර තිබුණා.

මෙම සිදුවීම වැලිකඩ පොලිසියට අදාළ වන බැවින් සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් දෙදෙනා මිරිහාන පොලිසියට කළ පැමිණිල්ලද වැලිකඩ පොලිසිය වෙත යොමුකර තිබෙනවා.

ඒ අනුව වැලිකඩ පොලිසිය පාර්ලිමේන්තු පොලිසිය සමඟ එක්ව ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරන බව උසස් නිලධාරියෙකු සඳහන් කළා.

පාර්ලිමේන්තුවේදී පහරකෑමට ලක් වූ බව කියන රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්වී පැය කිහිපයකට පසුව ඉන් පිටව ගොස් තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පුස්තකාලය ආසන්නය්දී ඇය සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සමඟ බහින්බස්වීමක් සිදු වූ අතර, ඊට එම පක්ෂයේ මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා ද මැදිහත් වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

අගමැති මෝදි 96 ලෝක ශූරයින් හමුවෙයි 

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් ඉතිහාසගත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අද (05) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුව තිබෙනවා. ඒ පිළිබඳව සිය...

දඹුල්ල කෘෂි ගබඩාවේ නම වෙනස් කළාට හර්ෂ පුදුමයෙන්

පශ්චාත් අස්වනු නාස්තිය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු දඹුල්ල උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව අද (05) විවෘත කෙරුණා. ඒ,  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනපති අනුර...

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි...

POPULAR ARTICLES