28 C
Colombo
Sunday, April 27, 2025

ජාත්‍යන්තර වෛද්‍ය උපාධි පිළිගැනීමට යෝජනාවක්

- Advertisement -

ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලවලින් පිරිනමන වෛද්‍ය උපාධි ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මැයි මස 2 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සඳහා අනුමැතිය ලබා දී ඇති බවට වාර්තා වනවා.

වෛද්‍ය උපාධි පාඨමාලා පිළිගැනීම මත පදනම් වූ ප්‍රමිති සහ නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටද අනුමැතිය හිමිව තිබුණා.

වෛද්‍ය ආඥා පනතේ විධිවිධාන වත්මන් අවශ්‍යතාවලට සරිලන පරිදි සංශෝධනය කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන ලෙසද මෙහිදී ඉල්ලීමක් කළ බව සඳහන්.

කෙසේ වෙතත්, මෙම කමිටු නිර්දේශ සහිත වාර්තාව පදනම් කර ගනිමින් ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීම ද විශේෂත්වයක්.

ඒ අනුව අංක 1 සිට 1,000 දක්වා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් තුළ විදේශීය විශ්වවිද්‍යාල විසින් පිරිනමනු ලබන වෛද්‍ය උපාධි ශ්‍රී ලංකාව තුළ පිළිගනු ලබන බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

දළදා වන්දනාව සාර්ථකයි-දළදා මාලිගාවෙන් නිවේදනයක්

සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය සහ ශ්‍රී දළදා මාළිගාව ඒකාබන්ධ...

කෝප් කමිටුවෙන් දූෂිතයින්ට නඩු

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. මෙහි පළමු පියවර ලෙස දූෂණ සහ අක්‍රමිකතා සිදුවන සියලුම රාජ්‍ය...

උඩුවර නායයෑමක් – කාන්තාවක් සහ දරුවෙකු රෝහලට

හාලිඇළ, උඩුවර පහකණුව ප්‍රදේශයේ අද (27) සවස සිදුවූ නායාමක් හේතුවෙන් නිවසක කොටසක් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබෙනවා. නිවසේ කැඩී ගිය සුන්බුන් අතර සිරිවී සිටි දරුවෙකු සහ...

POPULAR ARTICLES