26 C
Colombo
Friday, January 10, 2025

චීනයේ බියර් සමාගමක සේවකයෙක් අන්තර්ජාලය කළඹයි

- Advertisement -

චීනයේ ජනප්‍රිය බියර් සමාගමක සේවකයෙකු එහි ටැංකියකට මුත්‍රා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

සින්ග්ටාවෝ (Tsingtao) නම් මෙම සමාගම චීනයේ ඉහළම බියර් නිෂ්පාදකයෙකු මෙන්ම විශාලතම බියර් අපනයනකරුද වෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා දින අන්තර්ජාලයට එක් කර තිබූ වීඩියෝවේ හිස්වැස්මක් පැළඳ සමාගමේ නිල ඇඳුමෙන් සැරසී සිටි සේවකයෙකු උස් තාප්පයක් මතට නැඟී එය තුළට මුත්‍රා කිරීමට පෙර කන්ටේනරයට ඇතුළු වන අයුරු දැක්වෙනවා.

කෙසේවෙතත් මෙම වීඩියෝව මිලියන ගණන් ජනතාව අතර හුවමාරුවීමත් සමඟ බලධාරීන් විසින් එම අමුද්‍රව්‍ය තොගයට මුද්‍රා තබා තැබීමට කටයුතු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම සිදුවීම අදාළ සමාගමේ බියර් නිෂ්පාදනයට සහ අලෙවියට දැඩි බලපෑමක් එල්ලකර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES