මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ පියාවන කීර්තිමත් විදුහල්පතිවරයෙක් වන දිවංගත ආර්.අයි.ටී. අලස් මහතාගේ ගුණඅනුස්මරණ උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 16 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා.
මේ සඳහා බස්නාහිර පළාත් අධාපන අධ්‍යක්ෂවරයා ලිපියක් යොමුකරමින් කලාප අධ්‍යක්ෂවරුන්ට දන්වා ඇත්තේ ඒ සඳහා කොළඹ කලාපයෙන් විදුහල්පතිවරුන් 400 ක්, ජයවර්ධනපුර හා පිළියන්දල කලාපවලින් විදුහල්පතිවරුන් 300 බැගින් සහභාගීකරවන ලෙසයි.
එමෙන්ම අනෙකුත් කලාපවලින්ද කැමති ප්‍රමාණයකින් සම්බන්ධ කරගැනීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා පැමිණෙන විදුහල්පතිවරුන්ගේ නම් ඇතුළත් විස්තර පත්‍රිකාව පුරවා ලැබීමට සලස්වන ලෙසයි.
ඒ ඒ කලාප අධ්‍යක්ෂවරුන් සඳහා විශේෂ ආරාධනයක් ඇති අතර කලාප අධ්‍යක්ෂ සමග එක් විදුහල්පති වරයෙකුට ජනාධිපතිවරයා අතින් ‘මගේ මංපෙත’ කෘතිය භාෂා ත්‍රිත්වයකින්ම නොමිලයේ ලබා දෙන බවටද ලිපියේ සදහන්.
මේ සඳහා අවශ්‍ය වන බස් රථ සංඛ්‍යාව සහ බස් රථ මගින් පැමිණෙන විදුහල්පතිවරුන්ගේ නම, රාජකාරී ලිපිනය හා හැදුනුම් පත් අංකය මෙහිදී සටහන් කර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට එවන මෙන් සදහන් කර තිබෙනවා.