26 C
Colombo
Saturday, November 23, 2024

ඇමති රොෂාන්ගෙන් අභියාචනාධිකරණයට බැණුම් (වීඩියෝ)

- Advertisement -

මෙරට ඇති අධිකරණ පද්ධතියේ එක් අධිකරණ කාමරයක් වන කාමර අංක 301 හි දැවැන්ත ගැටළුවක් පවතින බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අද (08) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව සදහන් කළා.

කාමර අංක 301 හි නීතියේ දෙවඟනගේ අතෙහි ඇති තරාදිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වැඩි බරක් සහිතව ක්‍රියා කරන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා අභියාචනාධිකරණයේ සභාපතිවරයා වීමට පෙර අපරාධ නඩු පමණක් විමසුවද සභාපතිවරයා විමෙන් පසුව රිට් නඩු කටයුතු විමසීමද ඔහු යටතට ගත් බව රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ ඉතාම අසාමාන්‍ය ලෙස ක්‍රිකට් නඩු කටයුතු විමසීම මෙන්ම 2022 වසරේ තුන්වන කාර්තුවේ සිට ගොණු කළ නඩු කටයුතුද බන්දුල කරුණාරත්න මහතා විමසූ බවයි.

බන්දුල කරුණාරත්න මහතා අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස පත්වූ පළමු දිනයේ ඔහුගේ ප්‍රථම රාජකාරිය ලෙස ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම බන්දුල කරුණාරත්න මහතා විවාහ වී සිටින්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වන ශම්මිද සිල්වා මහතාගේ ඉතාම කුළුපඟ ගජ මිතුරෙකු වන නීතිඥ අසේල රැකම මහතාගේ මවගේ නැගණිය සමග බවද රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව බන්දුල කරුණාරත්න මහතා ගේ බිරිඳ හා අසේල රැකව මහතාගේ මව යනු අක්කා නගෝ බවත් මේ හේතුවෙන් ක්‍රිකට් පරිපාලනය හා නඩු කටයුතු අතර ලබැදියාවේ ගැටුම් ඇතිව ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES