29 C
Colombo
Saturday, July 6, 2024

කලාකරුවන්ට සාම විනිසුරු පත්වීම්

- Advertisement -

කලාකරුවන් සදහා සාම විනිසුරු පත්වීම් ලිපි බෙදා දීමේ වැඩසටහනක් අද (10) පැවැත්වුණා.

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් හඳුන්වා දුන් සංකල්පයක් යටතේ ශ්‍රී ලාංකික කලාකරුවන් වෙත සාම විනිසුරු පදවිය පිරිනැමීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, දේශීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් තම කුසලතාවලින් සහ නිර්මාණශීලීත්වයෙන් දායක වූ කලාකරුවන් 120 දෙනෙකුට වැඩසටහනේ පළමු අදියර යටතේ සාම විනිසුරු පත්වීම් පිරිනැමුණා.

එහිදී සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිනමාව, වේදිකා, රූපවාහිනී, ටෙලි නාට්‍ය, සංගීතය, ගායනය, ගීත රචනය ආදී ක්ෂේත්‍රවල ප්‍රවීණ කලාකරුවන් වෙත සාම විනිසුරු පදවිය පිරිනමා තිබෙනවා.

අමාත්‍ය විජේදාස රාජපක්ෂමහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු මෙම වැඩසටහනට මහාචාර්‍ය මුදියන්සේ දිසානායක,මිහිර සිරිතිලක,රජිව් සෙබස්තියන්,විනු සිරිවර්ධන,නිලන්ති ඩයස් ඇතුලු කලා කරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.


RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වෘත්තිය සමිතිවලට ඉල්ලීමක්

විශ්ව විද්‍යාල යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබන සඳුදා සිට සේවයට වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ අදාළ වෘත්තිය සමිති වලින් ඉල්ලීමක් කරනවා. එහි ලේකම්වරයා ඔවුන්...

හංවැල්ලේදී ටිපර් රථයක් ඇළකට පෙරළිලා

පාදුක්ක මීපේ සිට කොළඹ වරාය බලා කළුගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හංවැල්ල, ඇඹුල්ගම මංසන්ධිය ආසන්නයේ දී කැළණි ගඟේ අතු ඇළකට පෙරලීමෙන් අනතුරක් සිදුව...

ලාංකිකයින් 11ක් අරාබියෙන් පිටුවහල් කරලා

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන් එරටින් පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...