25 C
Colombo
Saturday, January 11, 2025

ජනාධිපතිවරයා දුරකතනයෙන් තර්ජනය කලැයි විජේදාස රාජපක්ෂ පොලීසියට (වීඩියෝ)

- Advertisement -

කොළඹ වරාය නගරය සම්බන්දයෙන් ඊයේ (15) දිනයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබදව විමසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකතනයෙන් තමන් හට තර්ජනය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ තමන්ට මෙන්ම පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හටද ජනාධිපතිවරයා මෙලෙස තර්ජනය කර ඇති බවයි.

කොළඹ වරාය නගරය හරහා මෙරටට අනාගතයේ සිදුවීමට නියමිත දැවැන්ත හානිය පිළිබදව තමන් පැවසූ දෑ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉතාමත් පහත් ආකාරයෙන් වෙව්ලමින් තමන්ට බැන වැදුණු බවත් ඊට ප්‍රතිචාර වශයෙන් ඔහු තමන්ට බැන වදින ආකාරයෙන්ම තමන්ද ප්‍රතිචාර දැක්වූ බවද විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍ය ඉදිරියේ පවසා සිටියා.

අදාල සිදුවීම සම්බන්දයෙන් තමන් පොලිස්පතිවරයා ලෙස පැමිණිල්ලක්ද ඉදිරිපත් කල බවයි ඔහු පවසන්නේ.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

ධනංජයගේ සහෝදරයා රිමාන්ඩ්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර සිල්වා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මගින් ජනවාරි 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර...

වැඩි වූ මත්පැන්වල මිල ගණන් මෙන්න

අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් සඳහා වන නිෂ්පාදන බද්ද 6 % කින් වැඩි කර තිබෙනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් මුදල් අමාත්‍යාංශය ඒ බව...

පොලීසියට අලුතින් SPEED GUN

ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 91 කට අධික වටිනාකමකින් යුත් වේග මාපක (SPEED GUN) උපකරණ 30 ක් රථ වාහන නිලධාරීන් වෙත ලබා දී...

POPULAR ARTICLES