24 C
Colombo
Sunday, January 5, 2025

පන්නිපිටියේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දීමක්

- Advertisement -

පන්නිපිටිය ප්‍රදේශයේ පොත් අලෙවිසැලකදී තියුණු ආයුධයකින් කළ පහරදීමක් හේතුවෙන් එහි හිමිකරු සහ තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔවුන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ .

පොලිසිය පවසන්නේ පන්නිපිටිය මාඹුල්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන පොත් අලෙවිසැලක් වෙත පැමිණි පුද්ගලයෙකු විසින් මෙම පහරදීම සිදුකර ඇති බව‍යි.

සැකකරු වෙළෙඳසැලේ හිමිකරු වෙත මෙම පහරදීම සිදුකරන අවස්ථාවේ සිද්ධිය සමථයකට පත්කිරීම සඳහා එහි පැමිණි අසල්වැසියෙකුද බරපතළ තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරයෙන් ඔහුගේ ගෙල ප්‍රදේශයට බරපතළ තුවාල සිදුව ඇති බවද වාර්තා වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කෝටි 32 ක මියුසිකල් ගහපු හරීන්

තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night නමැති සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව අනාවරණය...

බොන අයට හඳුන්නෙත්තිගෙන් එතනෝල්

අඩු මිලකට ප්‍රමිතියෙන් ඉහළ මත්පැන් වෙළදපොලට හදුන්වා දීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. ඊයේ (03) ලංකා සීනි සමාගමට...

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

POPULAR ARTICLES