23 C
Colombo
Friday, December 27, 2024

තෙල්දෙණිය රෝහලේ ගැබිණි වාට්ටුව මතට පස් කන්දක් කඩා වැටේ

- Advertisement -

මධ්‍යම පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් තෙල්දෙණිය මුලික රෝහලේ ගැබිණි වාට්ටුවට ඉහලින් පිහිටි පස් කන්දක කොටසක් වාට්ටු ගොඩනැගිල්ලට කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් රෝහල් වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මව්වරුන් 20දෙනෙකු පමණ ඔවුන්ගේ ආරක්ෂාව පතා මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබුණා.

පවතින අනතුරුදායක තත්ත්වය යටතේ රාත්‍රී කාලයට අධික වර්ෂාව ඇතිවුවහොත් රෝහල් භුමියේ ඉහළ කොටසේ පස් කන්ද කඩා වැටීමේ අනතුරුදායක තත්ත්වයක් පවතින බවට රෝහල් කාර්ය මණ්ඩල ප්‍රකාශකයෙක් පැවසූ බවයි වාර්තා වන්නේ.

පවතින තත්ත්වය යටතේ ඉදිරියටද අධික වැසි සහිත තත්ත්වයක් ඇතිවී පස් කන්ද තවදුරටත් කඩා වැටීමට පෙර කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගත යුතු බව රෝහල් කමිටුවේ නිලධාරියෙකු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ඉන්දියන් සාගර කලාපයෙන් ඩ්‍රෝන යානාවක් හමුවෙලා

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ කුඩා ගුවන් යානයක් ධීවරයන් පිරිසකට හමුවී තිබෙනවා. ගොඩබිම සිට මුහුදු සැතපුම් 35ක පමණ දුරක මෙය තිබී හමුවු බවයි පැවසෙන්නේ. මේ සම්බන්ධයෙන්...

සමූපකාරය සැබෑ මහජන සේවාවක් කරනවා

සමුපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බව සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පවසනවා. දේශපාලනික බලපෑම් නොමැති, දූෂණයෙන් හා වංචාවෙන්...

අර්චුනා ආයෙත් වලියක් දාගෙන

යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අද (26) කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදීද රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග මතභේදාත්මක බහින්බස් වීමක් සිදුවු බවට වාර්තා...

POPULAR ARTICLES

ඉන්දියන් සාගර කලාපයෙන් ඩ්‍රෝන යානාවක් හමුවෙලා

ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ කුඩා ගුවන් යානයක් ධීවරයන් පිරිසකට හමුවී තිබෙනවා. ගොඩබිම සිට මුහුදු සැතපුම් 35ක පමණ දුරක මෙය තිබී හමුවු බවයි පැවසෙන්නේ. මේ සම්බන්ධයෙන්...

Breaking: මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

හිටපු ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1932 වසරේ සැප්තැම්බර් 26 වැනිදා උපත ලැබූ ආචාර්ය මන්මෝහන් සිං මියයන විට 92 වැනි වියේ පසුවුණා  ඉන්දියාවේ...

වසර 250කට පසු අමෙරිකාව නිල වශයෙන් නම් කල ජාතික පක්ෂියා

වසර 250කට පසු අමෙරිකාවේ ජාතික පක්ෂියා නිල වශයෙන් නම් කර තිබෙනවා. ඒ අනුව ජනපති බයිඩ්න් අමෙරිකාවේ නිල පක්ෂියා ලෙස Bald Eagle හෙවත් තට්ට රාජාලියා නම්...