ඇල්බේනියාවේ පාර්ලිමේන්තුවට දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඇල්බේනියාවේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (21)මෙම දුම් බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබෙනවා.
2024 වර්ෂයේ අය වැය සඳහා ඡන්දය පළ කිරීම වැළැක්වීමේ උත්සාහයක් වශයෙන් මෙම දුම් බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති අතර ඔවුන් පාර්ලිමේන්තුව තුළ කුඩා ගිනි මැලයක්ද දැල්වීමට කටයුතු කර තිබුණා.
සභා ගර්භය මැද පුටු ගොඩ ගසා මෙලෙස ගිනි දැල්වීමට කටයුතු කිරීම හේතුවෙන් රතු සහ කොළ පැහැති දුමින් පාර්ලිමේන්තු පරිශ්‍රය පිරී ගොස් තිබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඇල්බේනියානු අගමැති එඩී රාමා ප්රමුඛ, සමාජවාදී පක්ෂය පාර්ලිමේන්තුව තුළ විපක්ෂය නිහඬ කිරීමට උත්සාහ දරන බවට 1992 සිට 1997 වසර දක්වා ඇල්බේනියාවේ පළමු පශ්චාත් කොමියුනිස්ට් ජනාධිපති මෙන්ම හිටපු අගමැතිවරයෙකු වූ විපක්ෂ නායක සාලි බෙරීෂා චෝදනා නඟනවා.