25 C
Colombo
Saturday, December 28, 2024

වැලිකන්දේ දී බස් රථයක් පෙරළෙයි

- Advertisement -

පෞද්ගලික සහල් මෝලක සේවකයන් ප්‍රවාහනය කරමින් තිබු බස් රථයක් අද (30) උදෑසන අනතුරට ලක්ව තිබෙනවා.

වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන බෑවුමකට පෙරළීමෙන් සිදුවු මෙම අනතුරෙන් තිස්දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කළ බවයි වාර්තා වෙන්නේ.

රියැදුරුට අධික වේගය පාලනය කර ගැනීමට නොහැකි වී මෙම අනතුර සිදුව ඇති බව වැලිකන්ද පොලීසිය පවසනවා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 75 දෙනෙකු පමණ ගමන් කර ඇති බව සඳහන්.

තුවාල ලැබු පුද්ගලයින් වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

බස් රථය ගමන් ගන්නා විට එහි සේවකයින් අසූවකට ආසන්න සංඛ්‍යාවක් සිට ඇති බවත් බස් රථයේ රියැදුරු මේවන විට අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිසිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයා අත්අඩංගුවට

0
රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සලෝචන ගමගේ මහතා බවට News...

මාලිමාවේ මන්ත්‍රීවරියකගෙන් CIDයට පැමිණිල්ලක්

තමා සම්බන්ධයෙන් ෆේස්බුක් සහ වට්ස් ඇප් හරහා හුවමාරු වන අසත්‍ය හා ද්වේෂ සහගත පණිවුඩ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය ඊයේ (27) අපරාධ පරීක්ෂණ...

වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් ගැන පොලිස් විමර්ශන

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව වියදම් වාර්තා භාරනොදුන් අපේක්ෂකයින් ඇතුළු පිරිස් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා සඳහන් කර...

POPULAR ARTICLES

තිළිණ ගමගේ මහේස්ත්‍රාත්වරයාගේ සහෝදරයා අත්අඩංගුවට

0
රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සලෝචන ගමගේ මහතා බවට News...

මාලිමාවේ මන්ත්‍රීවරියකගෙන් CIDයට පැමිණිල්ලක්

තමා සම්බන්ධයෙන් ෆේස්බුක් සහ වට්ස් ඇප් හරහා හුවමාරු වන අසත්‍ය හා ද්වේෂ සහගත පණිවුඩ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය ඊයේ (27) අපරාධ පරීක්ෂණ...

මිලියන 9ක අල්ලසක් ගත් ව්‍යාපාරිකයන් දෙන්නෙක් අත්අඩංගුවට

රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් සහ ව්‍යාපාරිකයෙක් පිටකෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අල්ලස් කොමිසම පැවසුවේ වෙනත් ව්‍යාපාරිකයෙකුගෙන් එම...