28 C
Colombo
Tuesday, October 15, 2024

ශානි අබේසේකර මරා දැමීමේ කුමන්ත්‍රණයක්

- Advertisement -

හිටපු රහස් පොලිස් ප්‍රධානී ශානි අබේසේකර මහතා රිය අනතුරකට ලක් කර මරා දැමීමේ කුමන්ත්‍රණයක් හෙළි වී ඇතැයි නීතිපතිවරයා අද (04) අභියාචනාධිකරණයට දැනුම්දී තිබෙනවා.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා මේ බව දැනුම් දුන්නේ හිටපු රහස් පොලිස් ප්‍රධානී ශානි අබේසේකර මහතා තම ආරක්ෂාව තර කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සමක් සළකා බැලු අවස්ථාවේදී.

මෙම රිට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බලා තිබෙනවා.

මෙම පෙත්සම සළකා බැලු අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා කියා සිටියේ බුද්ධි අංශ වාර්තාවෙන් ශානි අබේසේකර මරා දැමීමේ කුමන්ත්‍රණයක් හෙළි වී ඇති බවත් නීතිපතිවරයා ශානි අබේසේකර මහතා ආරක්ෂාව වැඩි කිරීමට එකඟ වී ඇති බවයි.

ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාවට ප්‍රමාණවත් පොලිස් භටයන් සපයා නොමැති බවත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් සහ යතුරු පැදියක් පමණක් ලබා දී ඇති බව හිටපු රහස් පොලිස් ප්‍රධානී ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනිසිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියා.

තව ද පෙත්සම්කරුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබුණ ත් එය මේ දක්වා ඉටුවී නොමැති බවට ද ඔහු චෝදනා කළා.

මේ පිළිබඳ සුදුසු පියවර ගැනීමට පෙත්සම දෙසැම්බර් 14 වැනිදා කැඳවන ලෙස නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

කොදෙව්වන්ට ලකුණු 163ක ඉලක්කයක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (15) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

මහජන ධනය සාංඝික දේපොළක් සේ සළකන්න-අනුර (වීඩියෝ)

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බව සහ ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම...

POPULAR ARTICLES

ශානිගේ පත්කිරීමට එරෙහිව විරෝධයක්

මැතිවරණ කාලයක් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කිරීම...

සජිත්ට තවත් සංවිධායකයෙක්ගෙන් හොඳටම බැණුම්

මෙවර මහමැතිවරණයේ තමා සමගි ජනබලවේගයේ නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙන බව ආණමඩුව සම ආසන සංවිධායක ප්‍රේමසිරි මහතා විසින් චෝදනා කරනවා. ඔහු පවසන්නේ අවසන් මොහොත වනතෙක්...

පාසල් නිවාඩු දීම ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් තීරණයක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්ව ඇති පාසල්වලට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම...