රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් තමන්ගේ අධිකරණ කටයුතු ප්‍රමාද වී ඇති බව පවසමින් කළුතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැගී විරෝධතාවක් ආරම්භ කර ඇත.
නොවැම්බර් 13 දින සවස ඔවුන් මෙලෙස විරෝධතාවක් සිදු කර ඇති අතර විරෝධතා දැක්වු කණ්ඩායමේ රැඳවියන් 15 ක් සිට සිටි බව වාර්තා වේ.
තමන්ගේ නඩු කටයුතුවලට අයත් වාර්තා කඩිනමින් ලබා දී තමන්ට ඇප ලබා දීමේ ක්‍රියාවලිය කඩිනමින් කරන ලෙස එම රැඳවියන් පිරිස විරෝධතාවේදී ඉල්ලා ඇති අතර පවතින කොරෝනා තත්ත්වය මත තමන්ට කඩිනමින් නිවාස වෙත යාමට අවශ්‍ය බව ද ඔවුන් සඳහන් කර ඇත.