29 C
Colombo
Saturday, January 25, 2025

දියවන්නාවේ ගිලි මිය ගිය පුද්ගලයාට කොවිඩ් යැයි පවසමින් දේහය නොදෙන බව ඥාතීන් කියයි

- Advertisement -

නොවැම්බර් 12 වන දින දියවන්නා ඔයේ මාළු අල්ලමින් සිටිය දී දියේ ගිලී මියගිය පුද්ගලයාගේ දේහය ඥාතීන් වෙත ලබා දෙන ලෙස ඉල්ලමින් මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් රාජගිරිය, බුත්ගම මංසන්ධිය අසළ විරෝධතාවයක් පැවැත්විය.

නොවැම්බර් 13 වන දින සවස් වරුවේ මෙම විරෝධතාව පවත්වා තිබුණු අතර එයට මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එකව සිටියේය.

විරෝධතාවයේ නිරත වු පුද්ගලයින් පවසා සිටියේ, මාළු ඇල්ලීමට දියවන්නා ඔයට තවත් පුද්ගලයෙකු සමඟ ගිය මිය ගිය පුද්ගලයාට කොවිඩ් 19 වෛරසය ආසාදිනය වී ඇති බව පවසමින් මියගිය පුද්ගලයාගේ දේහය ඥාතීන් වෙත ලබා නොදෙන බවය.

රාජගිරිය, වැලිකඩ, බුත්ගමුව, ඇළ ඉවුර පාරේ 111/9/බී අංක දරන නිවසේ පදිංචිව සිටි අවුරුදු 26 ක් වයසැති රාජේන්ද්‍රන් රවීන්ද්‍රන් මෙසේ මියගොස් තිබේ. අවුරුදු පහක් වයසැති පිරිමි දරුවකු සහ මාසයක් වයසැති ගැහැණු දරුවකු ඔහුට ඇත.

මියගිය පුද්ගලයා තවත් අයෙක් පසුගිය බ්‍රහස්පතින්දා දියවන්නා ඔයේ බුත්ගමුව ඔයේ මාළු ඇල්ලීම සඳහා බෝට්ටුවකින් ගොස් සිටිය දී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ ආරක්ෂාවට සිටින ආරක්ෂකයින් බෝට්ටුවකින් පැමිණ අදාල පුද්ගලයන් ගමන් කළ ඔරුව පෙරලා දැමු බවත් එක් පුද්ගලයෙකු දියවන්නාවට පැන පීනා ගොස් තම ජීවිතය බේරා ගත් නමුත් අනෙක් පුද්ගලයා මිය ගොස් ඇති බව ඥාතීන් පැවසීය.

RECENT ARTICLES - SINHALA

බේරේ වැවේ තාරාවුන් හදිසියේ මිය ගිහින්

දින කිහිපයක සිට කොළඹ බේරේ වැවේ වාසය කරන තාරවුන් විශාල ප්‍රමාණයක් හදිසියේ මිය යෑමේ තත්වය මතුව ඇති බව වාර්තා වෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ බේරේ වැවේ ජලය...

මට උදේ රෑ කරන්න වෙලා තියෙන්නේ මුදලාලිගේ වැඩේ – හඳුන්නෙත්ති

මෙරට ව්‍යාපාරිකයා ව්‍යවසායකයෙකු බවට පරිවර්තනය කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණු Made...

වාරි ව්‍යාපෘති 24ක් කොට උඩ

වාරිමාර්ග දෙපාර්තමේන්තුව වාරි ව්‍යාපෘති රටපුරා වාරි ව්‍යාපෘති 24ක් අතර මග නතර කිරීමෙන් රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් නාස්ති වී ගොස් තිබූ බව ජාතික විගණන...

POPULAR ARTICLES

බේරේ වැවේ තාරාවුන් හදිසියේ මිය ගිහින්

දින කිහිපයක සිට කොළඹ බේරේ වැවේ වාසය කරන තාරවුන් විශාල ප්‍රමාණයක් හදිසියේ මිය යෑමේ තත්වය මතුව ඇති බව වාර්තා වෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ බේරේ වැවේ ජලය...

ඊශ්‍රායල – හමාස් දෙවන සිරකරු හුවමාරුව අද

ඊශ්‍රායල - හමාස් සටන් විරාම ගිවිසුම යටතේ දෙවන සිරකරු හුවමාරුව අද සිදු කිරීමට නියමිතයි. විදෙස් වාර්තා සදහන් කළේ, හමාස් භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 4...