කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනා කෑගල්ල බන්ධනාගාරයේ සිට වැලිකඩට මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම චෝදනාවට වරදකරුවන් වූ පස්දෙනාට වසර තුනක සිර දඬුවමට අමතරව රජයට රුපියල් එක් කෝටි තිස් හය ලක්ෂයක මූල්‍ය වන්දියක් සහ එක් අයෙකුට රුපියල් පනස් දහස බැගින් වූ දඩ මුදල්ද නියම කෙරුණා.
මේ අතර, කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනා ඊයේ (14) කෑගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගිය නමුත් හදිසියේම ඔවුන් වැලිකඩ බන්ධනාගාරය වෙත මාරු කිරීමට තීරණය කර තිබෙනවා.