26 C
Colombo
Tuesday, January 14, 2025

ව්‍යාජ වීසා සැකසීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

- Advertisement -

පන්නල ඇලබඩගම ප්‍රදේශයේදී නීතිවීරෝධී ව්‍යාජ ගමන් බලපත්‍ර, වීසා බලපත්‍ර ඇතුළු ලේඛන මහා පරිමාණයෙන් මුද්‍රණය කළ ස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මූලස්ථානය පැවසුවේ, පොලිස් විශේෂ කාර්ය බළකා මුලස්ථාන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන් දීර්ඝ කාලයක සිට මහා පරිමාණයෙන් මෙම ජාවාරම සිදුකර ඇති බවට අනාවරණය වී ඇති අතර, සැකකරුවන් සතුව තිබි ලැප්ටොප් පරිගණක යන්ත්‍ර 03ක්, ප්‍රින්ටර් යන්ත්‍ර 08ක්, විවිධ පුද්ගලයින්ට අයත් විදෙස් ගමන් බලපත්‍ර 24ක්, නිල මුද්‍රා ඇතුළු ලිපිලේඛන රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ, අවුරුදු 22ත් 23ත් අතර වයස්වල පසුවන සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

අනුර චීනය බලා පිටත්ව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා අද (13) රාත්‍රියේදී පිටත්ව ගියා. චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයෙන් ජනාධිපති...

දුරකථන පැකේජවල මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක්

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන...

POPULAR ARTICLES

කුම්භ මේලා උත්සවය ඇරඹේ

ලොව වැඩි ම බැතිමතුන් පිරිසක් සහභාගී වන ඉන්දියාවේ ‘කුම්භ මේලා’ උත්සවය අද (13) ආරම්භ කර තිබෙනවා. සෑම වසර 12කට ම වරක් උතුරු ඉන්දියාවේ පෙරේයාග්රාජ් නගරයේදී...

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

පහර කෑ තරුණයෙක් පොලීසියේ රඳවා ගැනීම ගැන විමර්ශනයක්

පුද්ගලයන් පිරිසක් විසින් පහර දෙනු ලැබූ තරුණයකු රෝහල් ගත නොකර යක්කල පොලිසියේ  සිර මැදිරියේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා...