දේවගැති ජෙරම් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහු විසින් ගොනු කෙරුණු පෙත්සමක් නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා මතු කළ මූලික විරෝධතා අභියාචනාධිකරණය අද (22) ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
බුදුදහම ඇතුළු අන්‍යාගම්වලට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදුකළේ යැයි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අභියාචනාධිකරණය මෙම තීන්දුවට එළඹුණේ, අදාළ පෙත්සමට එරෙහිව ඉදිරිපත් කෙරුණු මූලික විරෝධතා දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුවයි.