දෙහිවල පිහිටි මනස්කාන්ත හෝටලයක් වූ Soul Beach හෝටලය කඩාදමා තිබෙනවා.
ඒ මෙම හෝටලය ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශ ගතව සිටින ශිරාන් බාසික් නැමැත්තාට අයත් බව පවසමින්.
ඒ අනුව වෙරළ සංරක්ෂණ නිළධාරීන් විසින් පොලිස් නිළධාරීන්ගේ සහාය ඇතිව අද (01) දින එම හෝටලයේ සියලුම අනවසර ඉදිකිරීම් කඩා ඉවත්කිරීමට කටයුතු කළා.
මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේදී එම හෝටලයේ අධ්‍යක්ෂවරයෙකු යැයි පැවසූ පුද්ගලයෙක් සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති හෝටල් අධ්‍යක්ෂකවරයා වන්නේ ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු වන සම්පත් අත්තටගේ මහතායි.
සම්පත් අත්තටගේ නැමැති මෙම උපකාරක පන්ති ගුරුවරයා 2012 වසරේ අ.පො.ස (සා/පෙ) විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටකළ බවට වූ චෝදනාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර අත්අඩංගුවට ගනු ලැබූවා.