29 C
Colombo
Saturday, July 6, 2024

ආවාට ගියාට සාම විනිසුරු පත්වීම් දෙන්නේ නැහැ – විජේදාස

- Advertisement -

අනවශ්‍ය පුද්ගලයන්ට ලබා දී ඇති සාම විනිසුරු පත්වීම් අහෝසි කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ, සමාජ ක්‍රියාකාරීන් සහ දහම් පාසල් ගුරුවරුන් පිරිසකට සාමදාන විනිශ්චයකාර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින්.

පසුගිය කාලයේදී අනවශ්‍ය පුද්ගලයන්ටත් සාම විනිසුරු පත්වීම් ලබාදී තිබූ බවත්, එවැනි පුද්ගලයන් කිහිප දෙනකුගේ පත්වීම් අහෝසි කළ බවත් අමාත්‍යවරයා කියා සිටියා.

ආවාට ගියාට තමා සාම විනිසුරු පත්වීම් ලබා නොදෙන බවද අධිකරණ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, පොලීසිය විසින් ග්‍රාම සේවක මෙන්ම ආගමික නායකයන්ගෙන් තොරතුරු ලබාගෙන ඉදිරියේදී සාම විනිසුරු පත්වීම් ලබාදෙන බවත්, සාම විනිසුරුවරුන් විසින් තම රාජකාරි අකුරටම ඉටු කිරීම බලාපොරොත්තු වන බවයි.


RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වෘත්තිය සමිතිවලට ඉල්ලීමක්

විශ්ව විද්‍යාල යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබන සඳුදා සිට සේවයට වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ අදාළ වෘත්තිය සමිති වලින් ඉල්ලීමක් කරනවා. එහි ලේකම්වරයා ඔවුන්...

හංවැල්ලේදී ටිපර් රථයක් ඇළකට පෙරළිලා

පාදුක්ක මීපේ සිට කොළඹ වරාය බලා කළුගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හංවැල්ල, ඇඹුල්ගම මංසන්ධිය ආසන්නයේ දී කැළණි ගඟේ අතු ඇළකට පෙරලීමෙන් අනතුරක් සිදුව...

ලාංකිකයින් 11ක් අරාබියෙන් පිටුවහල් කරලා

එක්සත් අරාබි එමීර් රාජ්‍ය තුළ සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන් එරටින් පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය...

POPULAR ARTICLES

අපිට හැමෝම හොරා හොරා කියලා බනිනවා – නාමල්

තාක්ෂණය සමඟ බද්ධ වුණු රාජ්‍ය යාන්ත්‍රණයක් සහ රාජ්‍ය පාලනයක් නිර්මාණය කිරීම තුළින් වංචාව හා දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පොහොට්ටුවේ...

රත්නපුර නගරය අඳුරු වෙයිද?

වීදී ලාම්පු සදහා රත්නපුර මහ නගර සභාව ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලින් විදුලි බල මණ්ඩලයට අයවිය යුතු රුපියල් මිලියන ගණනක මුදල් නොගෙවීම නිසා...

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව,...