28 C
Colombo
Tuesday, September 17, 2024

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත හෙට පාර්ලිමේන්තුවට

- Advertisement -

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත හෙට (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මෙමගින් ණය ලබාදෙන ව්‍යාපාරයේ සේම ගනුදෙනුකරුවන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීම අපේක්ෂාව බවයි.

විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමේ ජනතාව ඉලක්ක කරගනිමින් සේවය සපයන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් සිදුවන සේවාවන් ඔවුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යාම වෙනුවට රාජ්‍ය මැදිහත්වීම සහිත අධිකාරියක නියාමනය යටතේ සිදු කිරීමට අදාළ ආයතනවලටද පහසුවක් බව අමාත්‍යවරයා පවසනවා.

විශේෂයෙන්ම දෛනිකව මුදල් එකතු කිරීමේ ක්‍රමවේදය යටතේ ක්‍රියාත්මක ඇතැම් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 300% ඉක්මවා ගියා වාර්ෂික පොලී අනුපාත අයකරනු ලැබූ අවස්ථා පිළිබඳවද මීට පෙර වාර්තා වී තිබූ බව අමාත්‍යවරයා පෙන්වා දී තිබුණා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල අවශ්‍යතාව සහ දැනට ක්‍රියාත්මක කරමින් සිටින සේවාවන් පිළිබඳ සලකා බලමින් ඒවායේ සේවාව මෙම කෙටුම්පත මගින් විධිමත් කෙරෙනු ඇති බවයි. 

මෙම පනත සම්මත වූ පසු දැනට ක්‍රියාත්මක 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි වනවා.

RECENT ARTICLES - SINHALA

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු...

කුස්සිය ගැන හිතලා වැඩ කරන රනිල්

තමන් සෑම විටම කුස්සිය ගැන සිතා කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මුළුතැන්ගේ සටන ලබන වසරේ නිමා කරන බවයි ඔහු පවසන්නේ. ජනාධිපතිවරයා මේ බව...

ලයිසන් නැතුව වාහන පැදපු හිමිනමක් අත්අඩංගුවට

වලංගු රියැදුර බලපත්‍රයක් නොමැති කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසනවා. පොලිසිය පවස්න්නේ, මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක්...

POPULAR ARTICLES

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...

සජිත්ට හිරු එකත් එක්ක තියෙන ඩීල් එක මොකක්ද ? – තලතා

තමන් ඩීල් දේශපාලනයේ නොයෙදෙන බවට සජිත් ප්‍රේමදාස පැවසුවත්, මේ වන විටත් ඔහු නාමල් රාජපක්ෂ මෙන්ම හිරු නාලිකාව සමඟත් ඇතිකරගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්න වහාම...

උසස් පෙළ පැවැත්වෙන දිනය මෙන්න

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. ඒ අනුව, අදාළ විභාගය දෙසැම්බර් 20 දක්වා...