ශ්‍රී ලංකාවේ රිලව් ගැනීමට චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන රැසක් බලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (09) පාර්ලිමේන්තුවේදියි.
චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන 20,000ක් පමණ තිබෙන අතර, අවාසනාවට මේ කටයුත්ත සඳහා ඉඩ නොදෙන බවත්, මීට පෙර රිලව් ලක්ෂක් පමණ චීනයට යවන්න ලෑස්තු වූ බවත් ඔහු සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, රිලවුව්න් විශාල ප්‍රමාණයක් ගොවීන්ගේ වගා කටයුතු හානි කරන අතර, ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය සහ වනජීවී අමාත්‍යාංශයත් එකතු වී මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන්න ලෙසයි.