කොවිඩ් 19 ආසාදිතයෙකු බවට තහවුරු වී මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින ගම්පහ නාගරික මන්ත්‍රීවරයාගේ පවුලේ සිව් දෙනෙකුටද කොව්ඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇත.
අදාල මන්ත්‍රීවරයාගේ බිරිද,අවුරුදු 3 ක් වයසැති දරුවා සහ ඥාතීන් දෙදෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.
කෙසේ වෙතත් මන්ත්‍රීවරයා ඇසුරු කළ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඇතුළු ගම්පහ, විශාඛා පාර ආශ්‍රිතයින් 160 දෙනෙකු පමණ නොවැම්බර් 13 වන දින PCR පරීක්ෂණ සඳහා යොමු කළ අතර එම පිරිස අතුරින් මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයන් හැර අන් කිසිවෙකුටත් කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.