28 C
Colombo
Friday, September 20, 2024

දේශබන්දු ඇතුළු පිරිසකට එරෙහිව සෝල් බීච් හිමිකරුවන්ගෙන් පෙත්සමක්

- Advertisement -

දෙහිවල සෝල් බීච් හෝටලය කඩා ඉවත් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ අනුව, සොල් බීච් ප්‍රයිවට් ලිමිටඩ් සහ එහි අධ්‍යක්ෂවරුන් තුන් දෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස්පති ජී.එච්. මාරපන, ගල්කිස්ස ප්‍රදේශයේ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන කියා සිටින්නේ, අදාළ ස්ථානයේ ව්‍යාපාරික ආයතනයක් පවත්වාගෙන යාම සඳහා තමන්ට නීත්‍යානුකූල අවසරය ලැබී තිබු බවත්, එසේ තිබියදී වගඋත්තරකරුවන් විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම ව්‍යාපාරික ස්ථානය කඩා ඉවත් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පෙත්සම්කරුවන් පවසනවා.

එබැවින් වග උත්තරකරුවන්ගෙන් තමන්ට වන්දි අයකර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත්, මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, රාජ්‍ය සේවා කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, එසේම කඩා ඉවත් කෙරුණු සිය ව්‍යාපාරික ස්ථානය පිහිටි ස්ථානයේම නැවත ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය අනුමැතිය ලබාදෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසයි.


RECENT ARTICLES - SINHALA

අවසන් ප්‍රතිඵලය ප්‍රමාද වියහැකි හේතු

යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා. එමෙන්ම එම ශූන්‍ය...

ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට

ඇතුන්ගම, උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් 62 හැවිදිරි කාන්තාවක් මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, ඔබඩයාගම,මරදන්කඩවල ලිපිනයේ පදිංචි සිවුදරු...

ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කෙරේ

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා. චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, නිල ණය...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...