30 C
Colombo
Tuesday, March 11, 2025

Breaking : දුමින්ද සිල්වාට දුන් ජනාධිපති සමාව අහෝසියි – ශ්‍රේෂ්ඨාධිකරණය

- Advertisement -

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දුමින්ද සිල්වාට ලබාදී තිබූ සමාව බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දී තිබෙනවා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බල රහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙසේ තීන්දුවක් නිකුත් කළා.

මියගිය භාරත ලක්ෂ්මන්ට ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සුරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

ඒ අනුව, දුමින්ද සිල්වා මහතාට පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර ඇති බවද වාර්තා වෙනවා.

එමෙන්ම, මෙහිදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා සඳහන් කළේ, දුමින්ද සිල්වාට සමාව ප්‍රදානය කිරීමේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිසි නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බවයි.

මෙම ක්‍රියාවලියේදී හිටපු ජනාධිපතිවරයා මහජන විශ්වාසය උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් තීන්දුවේ සඳහන්.

එසේම පෙත්සම්කරුට සමාව පිරිනැමීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරුණු අධිකරණයට පිළිගත නොහැකි තත්ත්වයක පවතින බවද අදාළ තීන්දුව මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු කෙරුණු දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මරණීය දණ්ඩණය නියම කර තිබුණා.

අනතුරුව, එම දඬුවමට එරෙහිව විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා ඉදිරිපත් කළ අතර එම අභියාචනා විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුමින්ද සිල්වා මහතාට කොළඹ මහාධිකරණය විසින් පනවනු ලැබූ මරණීය දණ්ඩනය ස්ථිර කිරීමට තීන්දු කළා.

කෙසේවෙතත්, ඉන් පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මරණීය දණ්ඩනය නියම වී සිටි දුමින්ද සිල්වා මහතාට  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තමන්ට පැවරී තිබෙන බලතල ප්‍රකාරව සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට තීන්දු කර තිබුණා.

ඒ අනුව,මෙලෙස සමාව ප්‍රදානය කිරීමේදී නිසි නීතිමය පටිපාටිය හිටපු ජනාධිපතිවරයා විසින් අනුගමනය කර නොමැති බවත් ඒ තුළින් ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් සුමනා ප්‍රේමචන්ද්‍ර ,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ නීතිඥ ගසාලි හුසේන් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

රෝයල් පාක් නඩුවට අදාළ වන්දි මුදල මෛත්‍රී ගෙවා දමයි

රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුවේ විත්තිකරුට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව ගෙවීමට නියම වූ රුපියල් මිලියනයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රිපාල...

රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්න අනුමැතිය

රාජ්‍ය සේවයේ ආයතනවල පවතින පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට අදාළ අමාත්‍යංශ සහ ආයතන වෙත අනුමැතිය ලබාදීම පිණිස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ...

ශ්‍රී ලාංකිකයින් 6160කට ඊශ්‍රායලයේ රැකියා වරම්

ශ්‍රී ලාංකිකයින් 6,160 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙනවා. ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව එම...

POPULAR ARTICLES

රෝයල් පාක් නඩුවට අදාළ වන්දි මුදල මෛත්‍රී ගෙවා දමයි

රෝයල් පාක් ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුවේ විත්තිකරුට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව ගෙවීමට නියම වූ රුපියල් මිලියනයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රිපාල...

Breaking: බටලන්ද පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය...

රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගන්න අනුමැතිය

රාජ්‍ය සේවයේ ආයතනවල පවතින පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීමට අදාළ අමාත්‍යංශ සහ ආයතන වෙත අනුමැතිය ලබාදීම පිණිස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ...