28 C
Colombo
Friday, September 20, 2024

මම දුමින්දට සමාව දුන්නේ රට ගැන හිතලා – ගෝඨාභය

- Advertisement -

පෞද්ගලික හේතුවක් හෝ දේශපාලන හිතවත්කම් මත දුමින්ද සිල්වා මහතාට සමාව ලබා දුන් බවට සිදු කරන ප්‍රකාශ තමා ප්‍රතික්ෂේප කරන බව දුමින්ද සිල්වා මහතාට එරෙහි නඩුවට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති  දිවුරුම් පෙත්සම මඟින් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම, දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහු බන්ධනාගාරයෙන් ඉවත් විය යුතු බවට වෛද්‍ය වාර්තා තමා වෙත ඉදිරිපත් කර තිබූ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දිවුරුම් ප්‍රකාශයෙහි සඳහන් කර තිබුණා.

එමෙන්ම, දුමින්ද සිල්වා මහතා හට සමාව ලබා දීමට තමා කටයුතු කළේ රට ගැන සිතා බවද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

දුමින්ද සිල්වා මහතාට ලබාදී තිබූ විශේෂ ජනාධිපති සමාව අහෝසි කිරීමට  අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය  විසින් නිකුත් කළ තීන්දුවේ කොටසක් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් මෙම දිවුරුම් ප්‍රකාශයද සැලකිල්ලට ගෙන තිබුණා.  

කෙසේවෙතත්, අද දිනයේ දුමින්ද සිල්වා මහතාට එරෙහි පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය දිවුරුම් ප්‍රකාශයෙහි සඳහන් කර ඇති “රට ගැන සිතා කටයුතු කිරීම” යනු කුමක්ද යන්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රශ්න කර තිබෙනවා.

එමෙන්ම, දුමින්ද සිල්වා මහතාට සමාව ලබා දීමේදී නිසි නීතිමය ක්‍රමවේදයක් අනුගමනය  කර නොමැති බවද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා මෙහිදී  සිය විනිශ්චය ලබා දෙමින් ප්‍රකාශ කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

අවසන් ප්‍රතිඵලය ප්‍රමාද වියහැකි හේතු

යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා. එමෙන්ම එම ශූන්‍ය...

ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට

ඇතුන්ගම, උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් 62 හැවිදිරි කාන්තාවක් මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, ඔබඩයාගම,මරදන්කඩවල ලිපිනයේ පදිංචි සිවුදරු...

ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කෙරේ

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා. චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, නිල ණය...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...