27 C
Colombo
Wednesday, January 15, 2025

රතු මුහුදේ ගැටුම් හේතුවෙන් කොළඹ වරායේ තදබදයක්

- Advertisement -

හවුති කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරීමත් සමග කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස ​යොදා ගැනීම නිසා තදබදයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා.

වරායේ පර්යන්ත තුනේ නැව් ගත කිරීමේ කවුළු වැඩි වශයෙන් නැව්ගත කිරීමේ මාර්ග ඉල්ලා ඇති අතර ඉන්දියාවෙන් ප්‍රති නැව්ගත කිරීමේ පරිමාවද වැඩිවී ඇති බවද වරාය අධිකාරිය පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කර ඇත්තේ, කොළඹ වරායේ උපාය මාර්ගික පිහිටීම නිසා වරායට සංක්‍රමණය වන නැව්වලට මැදපෙරදිග, දකුණු ආසියාවට සහ නැගෙනහිර ආසියාව වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි බවයි.

කොළඹ වරායේ පවතින තදබදය නිසා අඩි 20 හා අඩි 40 කන්ටේනර මෙහෙයුම් 2023 වර්ෂයේ මිලියන 6.9 ක් සිදුකර තිබෙනවා.

දැනට පවතින තත්ත්වය හේතුවෙන් මෙම වර්ෂයේ එම ප්‍රමාණය ඉහළ යන බව අධිකාරිය විශ්වාසය පළ කරනවා.

තවද ඊශ්‍රායලයේ සිට අරාබි රටවලට ගමන් කරන නෞකාද එම රටවල් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම නැව්ද කොළඹ වරායට පැමිණ ප්‍රතිනැව්ගත කිරීම් සිදුකරනු ලබනවා.

හවුති කැරළිකරුවන්ගේ ප්‍රහාර නිසා ශ්‍රී ලංකාවෙන් යුරෝපා රටවලට භාණ්ඩ අපනයනය කරන අපනයනකරුවන්ටද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ රතු මුහුද හරහා ගමන් කිරීමට නොහැකි වීම නිසා වෙනත් මාර්ගවලින් ගමන් කිරීමේදී අය කරන නැව් ගාස්තු ඉහළ යාම බවද වරාය අධිකාරිය පවසනවා.

RECENT ARTICLES - SINHALA

විහාර දේවාලගම් පනතේ සංශෝධන සම්මත කර ගැනීමට පියවර

විහාර දේවාලගම් පනතේ සංශෝධන කඩිනමින් සම්මත කර ගැනීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ඒ.එච්.පී.එම්.බී අතපත්තු මහතා...

චීනය එක්ක ලංකාව අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කරලා

ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තබා තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ආර්ථික,...

ත්‍රීරෝද රථ ගැන ගත් තීරණය

නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට්...

POPULAR ARTICLES