31 C
Colombo
Sunday, December 22, 2024

දේශබන්දු ළඟ තියාගෙන පාස්කු ප්‍රහාරය ගැන ටිරාන්ගෙන් පොලීසියට චෝදනා (වීඩියෝ)

- Advertisement -

පොලීසියේ ඇතැම් නිලධාරීන් නිවැරදිව කටයුතු කළේ නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව පැවතුණු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් අද (18) සංවිධානය කර තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ටිරාන් අලස් මහතා මේ බව සඳහන් කළා.

පාස්කු ප්‍රහාරය මෙන්ම ඊට පෙර සිටම සිදු වූ සිද්ධි දාමයන් සහ ඒ සම්බන්ධයෙන් තොරතුරු තමා විසින් ඉතා සමීපව අධ්‍යනය කර ඇති අතර ඒ අනුව එය වළක්වා ගත හැකිව තිබුණු බව ඔහු තවදුරටත් සඳහන් කළා.

ටිරාන් අලස් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, පොලීසියේ ඇතැම් අය නිවැරදිව ක්‍රියා කළේ නම් සහරාන් ඇතුළු පිරිස ප්‍රහාරයෙන් බොහෝ කාලයට පෙරදී අත්අඩංගුවට ගැනීමට හැකියාව පැවතුණු බවයි.

ඒ අනුව, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය විශාල අතපසු කිරීමක් සිදු කර ඇති බව පිළිගත යුතු යැයි ටිරාන් අලස් මහතා මෙහිදී ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

බගවන්තලාව ප්‍රදේශයට ඝන මීදුම් තත්වයක්

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අයහපත් කාලගුණයත් සමග බගවන්තලාව ප්‍රදේශයේ අද (22) උදෑසන ඝන මිදුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. වෙනත් දිනයන්හි මේ...

2025 වසරේ රජයේ නිවාඩු ගැන ඔබ දැනුවත්ද?

2025ට අදාළ දින දර්ශනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව 2025 වසරට අදාළව රජයේ නිවාඩු 26ක් ප්‍රකාශයට පත් කර...

ප්‍රදේශ කිහිපයක ධීවර ප්‍රජාවට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රදේශ කිහිපයක ගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව කටයුතු කරන බහුදින යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කිරීමට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම...

POPULAR ARTICLES