28 C
Colombo
Friday, September 20, 2024

දුමින්ද තවමත් ජ’පුර රෝහලේ

- Advertisement -

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා  බන්ධනාගාර ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දෙන ලද ජනාධිපති සමාව අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) තීරණය කිරීමත් සමඟ බන්ධනාගාර දෙපාර්තුමේන්තුව මේ බව සඳහන් කළා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී.බී. දිසානායක මහතා පවසා ඇත්තේ දුමින්ද සිල්වා මහතා ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණය ඇතුළු අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති බවයි.

එමෙන්ම, දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස බන්ධනගාර දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බවද ඔහු සඳහන් කළා.

කෙසේවෙතත්, දුමින්ද සිල්වාට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරයා විසින් ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේම  ප්‍රතිකාර ගත යුතු බවට නිර්දේශ කර තිබුණා.

ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට ලබාදුන් ජනාධිපති සමාව අත්හිටුවීමත් සමඟ දුමින්ද සිල්වා මහතා 2022 ජුනි 01 වැනි දින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනුණා.

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට මරණීය දණ්ඩනය නියමව සිරදඩුවම් විදිමින් සිටි දුමින්ද සිල්වා මහතා 2021 වසරේ  ජූනි මස 24 වැනිදා ජනාධිපති සමාව ලබා නිදහස් වුණා.

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු තිදෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළා. 


RECENT ARTICLES - SINHALA

අවසන් ප්‍රතිඵලය ප්‍රමාද වියහැකි හේතු

යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා. එමෙන්ම එම ශූන්‍ය...

ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට

ඇතුන්ගම, උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් 62 හැවිදිරි කාන්තාවක් මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ, ඔබඩයාගම,මරදන්කඩවල ලිපිනයේ පදිංචි සිවුදරු...

ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කෙරේ

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබෙනවා. චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, නිල ණය...

POPULAR ARTICLES

1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා සියල්ල පාවා දෙමින් සම්මුඛ සාකච්ඡාවක

0
මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව නන්දන ගුණතිලක මහතා...

සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි

0
ජනාධිපතිවරණ රැළි සඳහා අදාළ අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් ලෙස පුද්ගලයින් 3000ක් සභභාගී කරවීම සඳහා රුපියල් ලක්ෂ 45 ක පැකේජයක් හඳුන්වාදීමට මිනිස් බල සැපයීමේ ආයතනයක් ක්‍රියාකර ඇති...

රට ඉඳන් අනුරට ඡන්ද දෙන්න එන අය ගැන දයාසිරි කියයි

ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණ ජයග්‍රහණය කළොත් එය මෙරට අවසන් මැතිවරණය වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අනුර දිසානායක මහතා ජනාධිපතිවරණය ජයගතහොත්...