26 C
Colombo
Wednesday, January 15, 2025

බලපිටිය ඝාතනයකට යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට

- Advertisement -

අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පසුගියදා මාළු වෙළෙන්දකු ඝාතනයට පැමිණ අසාර්ථක වූ මෙහෙයුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ මිතුරෙකුගේ ජංගම දුරකථනයක තිබූ වට්ස් ඇප් පණිවිඩයකින් මීට මාස 07කට පෙර බලපිටිය ප්‍රදේශයේ සිදු වූ පුද්ගල ඝාතනයකට සම්බන්ධ බවට සැකපිට පොලිසිය සොයමින් සිටි යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙකු ඊයේ (21) කහතුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසනවා.

මෙම ඝාතනය 2023 ජුනි 21 වන දින බලපිටිය ප්‍රදේශයේ දී සිදුව තිබූ අතර, ඒ සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකාය විමර්ශන සිදුකරමින් සිටියදීයි මෙලෙස මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබුණේ.

පසුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී එහි සිටි එක් සැකකරුවකුගේ මිතුරෙකු පසුගියදා බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔහුගේ ජංගම දුරකථනයට වස් ඇප් හරහා ලැබී තිබූ පණිවුඩයක 2023 ජුනි මස බලපිටිය ප්‍රදේශයේදී සිදු කළ ඝාතනයක් සඳහා භාවිතා කළ පිස්තෝලයක් සහ එහි ඡායාරූප රැසක් එවා තිබියදී හමු වී තිබෙනවා.

වැඩිදුරටත් විමර්ශන කිරීමේදී එම ඡායාරූප යුද හමුදා සෙබළකු විසින් එවා තිබූ බවට අනාවරණය කර ගැනීමට හැකිව තිබෙනවා.

ඒ අනුව යුද හමුදා සෙබළා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමේදී ඔහු කිලිනොච්චිය යුද හමුදා කඳවුරේ සේවය කරන ලාන්ස් කෝප්‍රල්වරයෙකු බවත් ඔහු කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බවටත් විශේෂ කාර්ය බළකාය විසින් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිව තිබෙනවා.

ඒ අනුව විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ වැටලීමක් සිදුකර කහතුඩුව ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

RECENT ARTICLES - SINHALA

විහාර දේවාලගම් පනතේ සංශෝධන සම්මත කර ගැනීමට පියවර

විහාර දේවාලගම් පනතේ සංශෝධන කඩිනමින් සම්මත කර ගැනීමට පියවර ගන්නා බව බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ඒ.එච්.පී.එම්.බී අතපත්තු මහතා...

චීනය එක්ක ලංකාව අවබෝධතා ගිවිසුම් 15ක් අත්සන් කරලා

ශ්‍රී ලංකාව සහ චීනය අතර අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තබා තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර ආර්ථික,...

ත්‍රීරෝද රථ ගැන ගත් තීරණය

නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2021 වර්ෂයේ නිකුත් කරන ලද අංක 22/40/37 දරන ගැසට්...

POPULAR ARTICLES