28.6 C
Colombo
Wednesday, April 2, 2025

බෙලිඅත්ත ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් එළියට

- Advertisement -

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අද (25) අධිකරණය අවසර දී තිබෙනවා.

අදාළ සැකකරුව අද දින දෙයියන්දර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී මේ මස 27වන දින දක්වා සැකකරු සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

අකුරැස්ස, බංගම ප්‍රදේශයේදී ඊයේ (24) අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී තවත් වැදගත් කරුණු රැසක් අනාවරණ වී තිබෙනවා.

සමන් කුමාර නම් 55 හැවිරිදි මෙම සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු වලට අනුව යතුරුපැදියක් හා වෑන් රථයක් ද පොලීසිය සොයාගෙන තිබුණා.

පොලීසිය සැක පළ කර ඇත්තේ ප්‍රහාරය සඳහා යොදාගත් ටී 56 වර්ගයේ ගිනි අවි දෙක බැහැර කිරීමට අදාළ යතුරුපැදිය ‍යොදාගෙන ඇති බවය.

අපරාධයෙන් පසුව සැකකරුවන්ට සැඟවී ගමන් කිරීමට අදාළ වෑන් රථය සූදානම් කර තිබූ බව අනුමාන කළ හැකි බව පොලීසිය තවදුරටත් සඳහන් කළා.

එමෙන්ම වෙඩික්කරුවන් පැමිණි ජීප් රථයේ සිටි එක් වෙඩික්කරුවෙක් අකුරැස්ස ප්‍රදේශයෙන් බස්සවා ඇති අතර තවත් වෙඩික්කරුවෙකු කඹුරුපිටිය ප්‍රදේශයෙන් බස්සවා ඇති බවට පොලීසිය කරුණු අනාවරණ කරගෙන තිබෙනවා.

මේ අතර, ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදුන් ඩුබායිහි සිටින පාතාල කල්ලි සාමාජිකයෙකු විසින් අනෙක් වෙඩික්කරුවන් තමාට සම්බන්ධ කළ බවත්, තංගල්ල අධිකරණය අසලදී  ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම්කර තිබූ බවත් සැකකරු ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණ කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

වැඩි කළ අස්වැසුම පාර්ලිමේන්තුවට

සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ දැනට ගෙවනු...

මන්ත්‍රීවරු නොවන අයටත් ආයුධ දීලා – නලින්ද

ජීවිත ආරක්ෂාව සඳහා ලබාදුන් ගිනිඅවි යළි භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීමට අනුව තවත් පුද්ගලයන් 42ක් තවමත් එම ගිනිඅවි භාර දී නොමැති බව කැබිනට්...

යාපනයට පාස්පෝට් කාර්‌යාලයක්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යෝජිත යාපනය ප්‍රාදේශීය කාර්‌යාලයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද (02) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස...

POPULAR ARTICLES