දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක් පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 118 කිලෝමීටර් කණුව ආසන්නයේදී මෙම අනතුර සිදුවී තිබුණා.
අනතුර හේතුවෙන් මාතර සිට කොළඹ බලා ධාවනය වන වාහනවලට බාධා එල්ලවී ඇති බව සඳහන් වනවා.
ඒ හේතුවෙන් කොළඹ දෙසට ගමන් ගන්නා රථ වාහන ගොඩගමින් පිටවී කොක්මාදූව හරහා යළි අධිවේගී මාර්ගයට පිවිසෙන ලෙස දැනුම්දී තිබෙනවා.