කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ‘කෙහෙළිය ගෝ ගම’ නමින් විරෝධතාවක නිරතවූ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් 05දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය සම්බන්ධ සිද්ධියට අදාළව ඔවුන් මෙලෙස විරෝධය දක්වා තිබුණා.
මේ අතර ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් දෙවන වරටත් ප්‍රකාශ ලබාගන්නා ලෙසද නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව විමර්ශන නිලධාරීන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම්දී තිබුණේ අද දිනය තුළ අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි.
කෙසේවෙතත් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (31) වෙනත් නඩු කටයුත්තක් සඳහා කොළඹ මහාධිකරණ සංකීර්ණයට පැමිණ සිටි අවස්තාවේ මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.
මේ අතර,කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට අද දිනයේ යෙදී තිබූ අත්‍යාවශ්‍යය රාජකාරි කටයුතු කිහිපයක් හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නොහැකි වූ බව නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළා.
ඒ අනුව ඊට වෙනත් දිනයක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවද නිවේදනයේ සඳහන්.