26.7 C
Colombo
Wednesday, January 22, 2025

විවෘත විශ්වවිද්‍යාල උපකුලපති ධුරය – ජනපති සුදුස්සන් කපා දමයි !

- Advertisement -

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නව උප කුලපති ධුරය සඳහා සුදුසුකම්ලත් ආචාර්‍යවරුන් පත්කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතික්ෂේප කර තිබේ.

මේ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් විශ්වවිද්‍යාල පරිපාලනය වෙත දැනුම් දී තිබේ.

නව උප කුලපතිවරයෙකු පත්කිරීම පිළිබදව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් නිකුත් කරන ලද උපදෙස් අනුව තෝරාගත් තිදෙනෙකුගේ නම් මෙසේ ජනාධිපතිවරයා වෙත යවා තිබිණි.

මහාචාර්ය අජිත් දොළගේ, මහාචාර්ය ශිරෝණිකා කරුණානායක සහ මහාචාර්ය ලාල් තිලකරත්න එසේ තෝරාගත් ආචාර්යවරු වෙති. මේ ධුරය සඳහා 5 දෙනෙකු අයැදුම්පත් යොමුකර තිබූ බවත්, ඒ අතරින් තිදෙනෙකු තෝරාගැනුණු බවත් විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ ආචාර්යවරු සඳහන් කරති.

විශ්වවිද්‍යාලය මගින් අදාළ නම් නිර්දේශ කොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙත යැවීමෙන් පසු, ජනාධිපතිවරයා වෙත අදාළ නම් ඉදිරිපත් කිරීම සිදුවේ.

උප කුලපතිවරයා පත්කිරීමේ අවසාන බලය ඇත්තේ ජනාධිපතිවරයාටය.

විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ බාහිර පුද්ගලයෙකු මේ තනතුරට පත්කිරීමේ සූදානමක් ඇති බවත්, එම නිසා මෙසේ සුදුසුකම්ලත් තිදෙනාම ප්‍රතික්ෂේප කර ඇති බවත්ය.

RECENT ARTICLES - SINHALA

අර්චුනාගේ නඩුවකට අධිකරණයෙන් නියෝගයක්

අධිකරණයේදී නිවැරදි සැකකරු සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සම්බන්ධ නඩුව කල් දැමීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කර තිබෙනවා. මෝසමක් යොමු...

ආගමන හා විගමන පාලකවරයාගේ ඇප ඉල්ලීම සලකා බැලීම කල් ගිහින්

අධිකරණයට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කර තිබෙන ඉල්ලීම...

කාන්තාවක් පොලිස් සිරමැදිරියේදී සියදිවි හානිකර ගනී

මරදාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙනසිටි කාන්තාවක් අද (22) අළුයම  සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසනවා. වයස අවුරුදු 32ක් වූ මෙම කාන්තාව මරදාන පොලීසිය විසින් ඊයේ...

POPULAR ARTICLES