26 C
Colombo
Thursday, May 1, 2025

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් පුටුව මාස 8 ක් හිස්

- Advertisement -

ලංකාවේ රාජ්‍ය ආයතන අතර පැරැණිතම රාජ්‍ය ආයතනයක් වන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වනවිට ඉතා බරපතළ ලෙස අකර්මණ්‍ය කර ඇති බවට වාර්තා වනවා.

පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් පවසන්නේ මාස 8 කට අධික කාලයක් තිස්සේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් පුටුව හිස්කර තිබෙන බවයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ විනාශවී යන පුරාවස්තු සම්බන්ධයෙන් බටලීය පුරාවිද්‍යා සුරැකීමේ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසුවා.

තවදුරටත් අදහස් දක්වමින් උඩස්ගිරියේ සමිත හිමියන් පවසා සිටියේ,

”ලෝකයේ වැඩිපුරම පුරාවස්තු තිබෙන රටවල් අතරින් එකක් වන ශ්‍රී ලංකාව වැනි රටක පුරාවස්තු අධ්‍යක්‍ෂ ජනරාල් තනතුර ඉතාම වැදගත්. මේ තනතුර ශාස්ත්‍රීය මට්ටමේ එකක්. දවස් දෙක තුනකට එක්කෙනෙක් ඉවත්කරලා වැඩක් නැහැ. වැඩබලන පුරාවිද්‍යා ජනරාල්වරියක් මේ වනවිට පත්කරලා තිබෙනවා. එතුමියට පුරාවිද්‍යා පිළිබඳ කිසිදු දැනුමක් නැහැ.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භක කාලයේ ඉඳලම සෙනරත් පරණවිතාන වැනි කීර්තිමත් පුද්ගලයන් තමයි මේ තනතුරුවල කටයුතු කළේ. දැන් මේ දෙපාර්තමේන්තුව ඉතාම ශෝචනීය තත්ත්වයකට පත්කරලා. ”

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ මහාචාර්ය අනුර මනතුංග මහතා පසුගිය වසරේ ජුනි මස 12 වනදා පෞද්ගලික හේතුවක් බව පවසමින් එම තනතුරෙන් ඉවත් වුණා‍

කෙසේ නමුත් ඊට ටික දිනකට පෙර ඓතිහාසික කුරුන්දි රජ මහා විහාරය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය අනුර මනතුංග මහතා අතර සිදුවු සංවාදයේ ප්‍රථිපලයක් ලෙස මෙම ඉල්ලා අස්විම සිදුවු බව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ මත පලවි තිබුණා.

මේ වන විට වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ප්‍රදීපා සේරසිංහ මහත්මිය කටයුතු කරන අතර මේ වනවිට ඇය ක්ෂේත්‍රය තුළ දැඩි අප්‍රසාදයට ලක්ව තිබෙනවා.

ඒ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යා භාර්ය සම්බන්ධව කිසිම අත්දඇකීමක් හෝ හැදෑරීමක් රහිත මෙම අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය සමග රාජකාරි කටයුත්තක් සඳහාවත් සංවාදයක යෙදීමට නොහැකි වීම, දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩු කටයුතු සම්බන්ධව ඇති අනවබෝධය නිසා බරපතල ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වීම, තම දෙපාර්තමේන්තුවේ සේවක සංඛ්‍යාව පිළිබඳව හෝ ඔවුන්ගේ කාර්ය භාර්යය පිළිබඳව අනවබෝධයෙන් ජනාධිපතිවරයාටත් ව්‍යාජ තොරතුරු සැපයීම සම්බන්ධව යන විවිධ වු කාරණා සම්බන්ධයෙන් ඇය විෂය ක්ෂේත්‍රය තුළ දැඩි අප්‍රසාදයට ලක්ව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

නලින්දගේ කතාවට වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයෙන් විරෝධයක්

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කොට ඇති හැඳුනුම්පත අනිවාර්ය කිරීම පිළිබඳ රජයේ තීරණය සම්බන්ධව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්...

Breaking: ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 299.00 ක්ව පැවති...

ක්ලීන් ශ්‍රී ලංකා යටතේ අක්කර දහසක වන වගාවක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.  ක්ලීන් ශ්‍රී ලංකා...

POPULAR ARTICLES