තරඟ තුනකින් සමන්විත ඇෆ්ගනිස්ථාන සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය මහනුවර – පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (09) ආරම්භ වනවා.
ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළේ, ටෙස්ට් තරඟය ජයගත් අයුරින් එක්දින තරගාවලිය ද ජයග්‍රහණය කිරීම කණ්ඩායමේ අරමුණ බවයි.
ICC එක්දින ශ්‍රේණිගත කිරීම්හි හත්වන ස්ථානයේ ශ්‍රී ලංකාව රැඳී සිටින අතර, ඇෆ්ගනිස්ථානය එහි 9 වන ස්ථානයේ පසුවනවා.
දෙරට අතර එක්දින තරඟය 11ක් පවත්වා ඇති අතර, ඉන් 07ක් ජයගත්තේ ශ්‍රී ලංකාවයි.
ඉතිරි තරඟය හතරේ ජය ඇෆ්ගනස්ථානයට හිමිවුණා.
දිවා – රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන අද තරඟය පස්වරු 02.30ට ආරම්භ වීමට නියමිතයි.