26 C
Colombo
Friday, October 25, 2024

තරඟෙට ඉන්ධන විකුණන්න තවත් සමාගමක්

- Advertisement -

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළට එක්වීමට නියමිත මීළඟ සමාගම වන RM Parks සමාගම මේ වන විට අදාළ බලපත්‍ර ගාස්තු සහ තැන්පතු ගාස්තු ගෙවා ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ඔවුන්ගේ පළමු නැව මෙරටට ළඟා වීම සඳහා මේ වන විට දින ලබාදිය හැකිව ඇත්තේ තවත් මාස 02කින් පමණ බව ඔහු මෙහිදී සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“දැනට RM Parks සමාගම මේ වෙද්දී ඩොලර් මිලියන 3ක්, ඒ කියන්නේ ලයිසන් එක ඩොලර් මිලියන 2යි, ඒ වගේම ඩිපොසිට් එක ඩොලර් මිලියනයයි, මේ ඩොලර් මිලියන 3ම ගෙවලා තියෙනවා. ඒගොල්ලෝ දැන් ස්ටොක් කමිටි එකටත් ඇවිල්ලා LayCan එකක් ඉල්ලලා තියෙනවා. සාමාන්‍යයෙන් සෑම සතියකම තියෙනවා අපේ කමිටි එකක්. මේ කමිටි එකේ තමයි නැව්වලට අවශ්‍ය ස්පොට්ස් ලබා දෙන්නේ. මාසේ අපි බෙදලා තියෙනවා, මේ මාසේ මෙන්න මේ දවසේ එන්නේ ඩීසල් නැවක්. මෙන්න මේ දවසේ එන්නේ පෙට්‍රල් නැවක්, මේ දවසේ සුපර් ඩීසල්. මේකේ මික්ස් එකක්, සාමාන්‍යයෙන් මාස 03ක් ඉස්සරහට අපි මේ කමිටි එකෙන් ප්ලෑන් කරනවා. එතකොට අලුතෙන් කෙනෙක් ඇවිල්ලා ඉල්ලුවාට අපිට එවෙලේ දෙන්න හැකියාවක් නැහැ. ඒ හින්දා දැන් RM Parks  සමාගම ඉල්ලීම කරලා තියෙනවා. මේ වෙද්දී ස්ටොක් කමිටි එකේ සාකච්ඡා කරලා තියෙනවා, මාස 02ක් ඉස්සරහට තමයි ඒගොල්ලන්ට පළවෙනි ස්පොට් එක පිට ලබා දෙන්න වෙන්නේ මෙන්න මේ වෙලාවේ තමයි ඔයගොල්ලන්ට නැව ගේන්න පුළුවන් කියලා.“

කෙසේවෙතත්, තරඟකාරී මිලගණන්වලට ඉන්ධන අලෙවි කිරීම සඳහා මෙරටට ලංකා ඉන්දියානු ඔයිල් සමාගම මෙන්ම චීනයට අයත් සයිනොපෙක් සමාගම පැමිණියද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මිල ගණන් ඉහළ දමන සෑම අවස්ථාවකම අදාළ සමාගම්ද මිල ගණන් ඉහළ දමමින් එකම මිලකට ඉන්ධන අලෙවි කරන ආකාරයක් දක්නට ලැබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගිනිඅවි නිපදවන ස්ථානයක් වටලා තිදෙනෙක් අත්අඩංගුවට

මාතර පොලිස් වසමේ පාලටුව ප්‍රදේශයේදී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි නිපදවනු ලබන ස්ථානයක් වටලා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට තිබෙනවා. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත...

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පැවසුවේ , දැනට පවතින මිල සූත්‍රය අනුව...

චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

හෝටලයක රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ පරිගණක අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...