26 C
Colombo
Friday, October 25, 2024

එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියට අදාළ පෙත්සමක් නිෂ්ප්‍රභ කරලා

- Advertisement -

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ධීවර ප්‍රජාව විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කොළඹ වාණිජ මහාධිකරණය විසින් අද (09) නිෂ්ප්‍රභ කළා.

කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.

මීට පෙර අදාළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හිමාලි කුලරත්න මෙනෙවිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නෞකා අනතුර හේතුවෙන් ධීවර පවුල් 20,000 කට අධික සංඛ්‍යාවක් අගතියට පත්ව සිටින බව සඳහන් කර තිබුණා.

අදාළ නෞකා සමාගමේ නොසැලිකිලිමත් හා වගකීමකින් තොර ක්‍රියා කලාපය හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බව සඳහන් කළ නීතිඥවරිය, ඒ අනුව පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතීසි නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කිරීමකින් තොර ව එය නිෂ්ප්‍රභ කිරීමට නියෝග කරන බව, ඒ අනුව අද දින නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කරනු ලැබුවා.

ධීවර ප්‍රජාව සිය පෙත්සම තුළින් කියා සිටියේ, අදාළ නෞකා අනතුර හේතුවෙන් තම ප්‍රජාවට සිදු වූ හානිය වෙනුවෙන් එක්ස්ප්‍රස් පර්ල් නැව් සමාගමෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.17ක වන්දියක් ගෙවන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ගිනිඅවි නිපදවන ස්ථානයක් වටලා තිදෙනෙක් අත්අඩංගුවට

මාතර පොලිස් වසමේ පාලටුව ප්‍රදේශයේදී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි නිපදවනු ලබන ස්ථානයක් වටලා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට තිබෙනවා. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත...

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පැවසුවේ , දැනට පවතින මිල සූත්‍රය අනුව...

චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

හෝටලයක රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ පරිගණක අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...