මුල්ලේරියාව, වෑකන්ද ප්‍රදේශයේ දී 38 හැවිරිදි දෙදරු පියෙක් ඝාතනය කර තිබෙනවා.
පොලීසිය පවසන්නේ, ගෙල කපා මෙම ඝාතනය සිදු කර තිබූ අතර, ඝාතනය සිදු කළේ කවුරුන් ද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.
අදාළ පුද්ගලයාගේ නිවසේ ඊයේ (09) රාත්‍රියේ මත්පැන් සාදයක් ද පවත්වා ඇති බව වාර්තා වනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.