26 C
Colombo
Friday, October 25, 2024

රත්‍රං සමඟ ගුවන් තොටුපොළ සේවිකාවක් අත්අඩංගුවට

- Advertisement -

රුපියල් කෝටි 5කට අධික වටිනා රන් ආභරණ සහ රත්රන් ජෙල් තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කිරීමට උත්සාහ කළ ගුවන් තොටුපොළ පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මෙම කාන්තාව අද (10) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාව වේයන්ගොඩ, මිරිදියලන්ද ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක්.

ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ වැසිකිළියක් තුළදී මෙම රන් ආභරණ සහ ජෙල් තොගය අඩංගු පාර්සලය කාන්තාවක් විසින් මෙම සේවිකාවට ලබා දී ඇති බව වාර්තා වනවා.

එය ගුවන් තොටුපොළෙන් පිටත සිටින පුද්ගලයෙකුට ලබාදුන් පසු ඇයට රුපියල් 60,000ක මුදලක් ලබාදෙන බවට අදාළ කාන්තාව විසින් පොරොන්දු වී තිබෙනවා.

එම පොරොන්දුව මත තමන් එම පාර්සලය රැගෙන ගිය බවයි පිරිසිදු කිරීමේ සේවිකාව රේගු නිලධාරීන් හමුවේ පවසා ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පාර්සලය තුළ රත්රන් ආභරණ කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 400ක් සහ කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 350ක් බරැති රත්තරන් ජෙල් තොගයක් තිබී සොයාගෙන තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීවරයෙකු සඳහන් වන්නේ, මෙම රත්තරන් ජෙල් තොගය තුළ 95% ක ප්‍රතිශතයක ප්‍රමාණයකින් පිරිසිදු රත්තරන් ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ගිනිඅවි නිපදවන ස්ථානයක් වටලා තිදෙනෙක් අත්අඩංගුවට

මාතර පොලිස් වසමේ පාලටුව ප්‍රදේශයේදී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි නිපදවනු ලබන ස්ථානයක් වටලා සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට තිබෙනවා. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත...

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය පැවසුවේ , දැනට පවතින මිල සූත්‍රය අනුව...

චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට

හෝටලයක රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ පරිගණක අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම...

POPULAR ARTICLES

හොංකොං යන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙන්න

හොංකොං ඉන්ටර්නැෂනල් සික්සස් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. නොවැම්බර් 1 - 3 වනදා දක්වා පැවැත්වෙන එම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන්...

ගම්පහ ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

‍ගම්පහ සම්ප්‍රේෂණ නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024 ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි...