තලාතුඔය – හාරගම – ගෝනවත්ත ප්‍රදේශයේ දී මහවැලි ගඟේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා.
පොලිසිය පවසන්නේ, ඊයේ (10) සවස් කාලයේ දී එම සිද්ධිය වාර්තා වූ බවයි.
එසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ, ගුරුදෙණිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක්.
මහනුවර පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින් හා ප්‍රදේශවාසින් එක්ව අතුරුදන් වූ අය සෙවීමේ කටයුතු සිදු කරන බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතිනවා.