26 C
Colombo
Friday, October 18, 2024

කුඩා දරුවන්ගේ ශල්‍යකර්ම සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර

- Advertisement -

රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා

උතුරු කොළඹ මහ රෝහලේ සිදු කරනු ලබන වයස අවුරුදු 16ට අඩු කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මවලදී පූර්ව සහ පසු පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා යන අධික වියදම සලකා, මෙය ලබාදීමට කටයුතු කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

මාධ්‍ය අංශය සඳහන් කරන්නේ ජනාධිපති අරමුදලින් වෛද්‍ය ආධාර ඉල්ලුම් කිරීමේ දී සම්පූර්ණ කරගත යුතු සාමාන්‍ය හා අනෙකුත් කොන්දේසි සම්පූර්ණ වන්නේ නම් අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්මය වෙනුවෙන් රුපියල් මිලියනයක මුදලක් උපරිමයකට යටත්ව ලබා දෙන බවයි.

මීට අමතරව දරුවන් වෙත සිදු කරනු ලබන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා වැය වන රුපියල් ලක්ෂ හයක මුදලක් ජනාධිපති අරමුදලෙන් ලබා දීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබා දී ඇති බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

ආදායම් වියදම් වාර්තා ගැන මහ මැතිවරණ අපේක්ෂකයන්ට පණිවිඩයක්

මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින් සිය වියදම් සහ ආදායම් වාර්තා පවත්වාගෙන යාම සඳහා වෙනමම පුද්ගලයෙකු පත් කරගැනීමට කටයුතු කිරීම සුදුසු බව පැෆ්රල් සංවිධානය...

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...