බම්බලපිටියේ පොලිස් පරීක්ෂක භෝජනාගාරයේ පිහිටි ගසකට මුත‍්‍රා කිරීමට ගිය පොලිස් පරීක්ෂකයෙකුට දැඩි ලෙස පහර දුන් බවට පැමිණිල්ලක් කර තිබෙනවා.
හය දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් පැමිණ තමන්ට වට කරගෙන දැඩි ලෙස පහර දුන් බවට බම්බලපිටිය පොලිසිය වෙත අදාළ පොලිස් පරීක්ෂකයා විසින් මෙම පැමිණිල්ල කර තිබුණා.
මෙම පිරිස අතර ඉහළ පොලිස් නිලධාරියෙකුද සිටි බවත් එම පැමිණිල්ලේ සඳහන් වනවා.
පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරියා පෞද්ගලික රෝහලකින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන ඇති බවද සදහන්.