28 C
Colombo
Sunday, September 8, 2024

සනත් නිශාන්තගේ අනතුර ගැන කන්ටේනර් රථ රියදුරුගෙන් පැය 5ක් ප්‍රශ්න කරලා

- Advertisement -

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්කළ සුඛෝපභෝගී රථය ගැටුණු කන්ටේනර් රථයේ රියදුරා අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ මරණ සම්බන්ධයෙන් මේ වනවිට එම කොට්ඨාසය මඟින් පරීක්ෂණයක් සිදු කරමින් පවතින පසුබිමක කන්ටේනර් රථයේ රියදුරා මෙලෙස ප්‍රකාශයක්  ලබා දී තිබුණා.

එහිදී, අපරාධ විමර්ශන කොට්ඨාසයට කන්ටේනර් රථයේ රියදුරා පැය 5ක පමණ ප්‍රකාශයක් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

සනත් නිශාන්ත මහතා මිය යෑමට හේතු වූ රිය අනතුර සිදුව ඇති ආකාරය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සනත් නිශාන්ත මහතාගේ බිරිඳ, නීතිඥ චමරි ප්‍රියංකා මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.


RECENT ARTICLES - SINHALA

අද කාලගුණය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

කාම්බෝජයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ලාංකිකයෙක් මරුට

කාම්බෝජයේ රැකියාවක් කරමින් සිටි සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු අනතුරකින් මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ, ලක්ෂපාන ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙක්. අදාළ තරුණයා පසුගිය වසරේ මාර්තු 04...

වන අලි ප්‍රහාරයකින් විශ්‍රාමික යුධ හමුදා සෙබළෙක් මරුට

පුංචිහලමිල්ලෑව ප්‍රදේශයේ කුඹුරැ යායකට කඩාවැදුන වන අලියන් පලවා හැරිමට ගිය විශ්‍රාමික යුධ හමුදා භටයෙකු වන අලියෙකුගේ පහර කෑමට ලක්ව අද (07) ජීවිතක්ෂයට පත්ව ඇති...

POPULAR ARTICLES

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...

අනුර ගැන රනිල්ගෙන් අනාවැකියක්

අනුර දිසානායකව පරාජය කිරීමේ හැකියාවක් සජිත් ප්‍රේමදාසට නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. ඇතැම් අවස්ථාවල සජිත් ප්‍රේමදාස විසින් සිදුකරන ඇතැම් ක්‍රියා අනුර දිසානායකට...

ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍යට දැමූ දේශපාලනඥයෙකුට වැඩ වරදී

අන් අයකු සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාවක ඡායාරූපයක් ගෙන එය සිය සමාජ මාධ්‍ය පිටුවක පළ කළ වවුනියාවේ ප්‍රාදේශීය දේශපාලනඥයකුට එරෙහිව වව්නියාව සහකාර මැතිවරණ...