26 C
Colombo
Friday, October 18, 2024

මීගොඩ පොලිස් මුරපොළේ නිලධාරීන් 5 දෙනෙකුට ස්ථාන මාරුවීම්

- Advertisement -

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (12) අලුයම සිදු වූ මංකොල්ලයක් සම්බන්ධයෙන් පොලිස් මුරපොළේ සේවයේ නිරතව සිටි ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකිරීමට පියවර ගෙන තිබෙනවා.

මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ අලු‍යම කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙකු එහි වෙළඳසැලක මුදල් අයකැමි තරුණියට වෙඩි තබා මුදල් කොල්ල කා පලා ගොස් තිබුණා.

පොලිසිය සඳහන් කළේ මෙම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 23 හැවිරිදි තරුණිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇයගේ තත්වය බරපතල නොවන බවයි.

ආයුධ සන්නද්ධව වෙළඳසැලට පැමිණි කොල්ලකරුවන් අයකැමි තරුණිය බියගන්වා එහි උඩ ලාච්චුවේ තිබූ මුදල් කොල්ලකා තිබෙන අතර ඊට පහළින් අගුලු දමා තිබූ ලාච්චුවේ යතුර ඉල්ලා ඇති අතර, තරුණිය ඊට විරුද්ධ වී තිබෙනවා.

එහිදී කෝපයට පත් වු කොල්ලකරුවන් ඇයට වෙඩි තබා තිබෙන බවයි වාර්තාවන්නේ.

දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව මෙම කොල්ලකරුවන්ට රැගෙන යා හැකිව ඇත්තේ රුපියල් 45,900 ක මුදලක් පමණක් බව සඳහන්.

කොල්ලකරුවන් වෙළඳසැලට පැමිණෙන ආකාරය සහ මුදල් කොල්ලකා තරුණියට වෙඩි තබා පලා යන ආකාරය CCTV කැමරාවලද සටහන් වී තිබෙනවා.

කොල්ලකෑමෙන් පසු ඔවුන් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසළින් දිවෙන මාර්ගයේ දාම්පේ දෙසට පලාගොස් ඇති අතර, අදාළ ප්‍රදේශවල CCTV දර්ශන විශ්ලේෂණය කරමින් ඉදිරි විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

මීගොඩ පොලිස් මුරපොලද පිහිටා ඇත්තේ කොල්ලකන ලද මෙම වෙළඳසැල ආසන්නයේයි.


RECENT ARTICLES - SINHALA

ZD ඇළේ මියගිය අයෙකුගේ සිරුරක්

අරලගංවිල පොලිස් වසමේ ZD ඇළේ පිඹුරත්තෑව ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් තිබෙන බවට 119 දුරකථන අංකයට ලද තොරතුරක් අනුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මරණකරු වයස...

නිල නිවාස භාර නොදුන් හිටපු ඇමතිලාට යළි සිහි කැඳවීම්

රජයේ නිල නිවාස භාර දෙන්නැයි හිටපු ඇමතිවරුන්ට යළි සිහි කැඳවිම් කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ...

ජනපති ගැන අසත්‍ය පුවතක්

වැලිකඩ බන්ධනාගාරය පිළිබඳ අසත්‍ය වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා කරුණු දක්වා තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ මුළුතැන්ගෙය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට...

POPULAR ARTICLES

ළමයි කැමති විදියට ඡන්දෙ දෙන්න එපා – තොණ්ඩමන්

ජනාධිපතිවරණයේදි වතුකරයේ ජනතාව තම දරුවන්ගේ කැමැත්තට අනුව ඡන්දය භාවිතා කළ බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසනවා. ඒ අනුව, ජනපතිවරණයේදී...

තෙල් මිල ගැන රජයෙන් විශේෂ තීරණයක්

මැදපෙරදිග පවතින යුද තත්ත්වය සමග තෙල් මිල ඉහළ ගියහොත් මිල පාලනය කරන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීමට රජය විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා අද (15) පැවති...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (16) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...