විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වර්තමාන යෝජනාව දේශපාලන තක්කඩිකමක් බවත් විධායක ජනතාපති ධූරය අත්තොනෝමතික යැයි මීට පෙර සිටි සියලුම නායකයන්ට වඩා වර්තමාන ජනාධිපතිවරයා ඔප්පු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (14) පැවසුවා.
ඔහු මෙම අදහස් පළ කළේ, නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී අද පැවැති ප්‍රවෘත්ති සාක්ච්ඡාවකට එක්වෙමින්.
එම යෝජනාව ජනාධිපතිවරණය මඟ හැරීමට සමාජ මතයක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක් වුවත් එය කළ නොහැකි දෙයක් බවත් ආණ්ඩුව වාද අවකාශය පිරවීම සඳහා මෙවැනි දේ ඉදිරිපත් කර ඇති බවත් ඔහු සඳහන් කළා.
වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය මෙම වසරේ නොවැම්බර් මස 19 වැනිදාට වසර 5 ක් සම්පූර්ණ වන බවත් ඒ අනුව ඔක්තෝබර් මස 18 වැනිදා වන විට නව ජනාධිපතිවරයෙක් පත්වී සිටිය යුතු බවත් ඔහු පැවසුවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ආණ්ඩුවේ වැඩපිළිවෙළට විකල්ප දේශපාලන වැඩපිළිවෙළක් සහ මධ්‍ය ලක්‍ෂය ගන්නා කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමට සිය පාර්ශවය කැමති බවත්, අධිතක්සේරුවෙන් සිටින ඕනෑම විපක්‍ෂ බලවේගයකට පාකිස්තිනු මැතිවරණයේ ප්‍රතිඵලය හොඳම උදාහරණය බවයි.