විදුලි සැර වැදීම හේතුවෙන් පාසල් සිසුවියක් මිය ගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ හසලක තෝරපිටිය ප්‍රදේශයේ පදිංචි මෙත්මි සිතුම් කුමාරි නම් 14 හැවිරිදි පාසල් සිසුවියක්.
ඇය මවගේ ජංගම දුරකථනය ද රැගෙන සිය කාමරයට ගොස් ඇති අතර ඉන් මද වේලාවකට පසුව කෑ ගසන ශබ්දයක් නිවැසියන්ට ඇසී තිබෙනවා.
කෑ ගැසීම හේතුවෙන් ඔවුන් කාමරය වෙත ගොස් ඇති අතර එහිදී අදාළ දැරිය ඇය නිදාගන්නා යකඩ ඇඳ අතින් අල්ලාගෙන කෑ ගසමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
දැරියගේ මව ඇයව ස්පර්ශ කළ විට මවට ද විදුලි සැර වැදී තිබෙනවා.
කෙසේ වෙතත් විදුලි සම්බන්ධතාව විසන්ධිකර ඇයව රෝහල් ගත කර ඇති අතර එහිදී ඇය මිය ගොස් තිබෙනවා.