සේවක අර්ථ සාධක අරමුදලට සමාගම් 22,450කට ආසන්න ප්‍රමාණයක් මුදල් ගෙවා නැතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියක වන එච්.එම්,ඩී.එන්.කේ. වටලියද්ද මහත්මිය අද (24) කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ භාර ගත්තා අවස්ථාවේදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ එම සමාගම් නොගෙවූ අරමුදල් වටිනාකම රුපියල් බිලියන 36ක් ලෙස ගණන් බලා ඇති බවයි.
එම මුදල් අයකර ගැනීම සඳහා රජයක් ලෙස කම්කරු දෙපාර්තමේන්තුවට උපරිම සහාය ලබා දෙන බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා අභිනව කම්කරු කොමසාරිස් ජනරාල්වරිය සිය වගකීම් ඉටු කරනු ඇතැයි ද මෙහිදී අදහස් දක්වමින් පැවසුවා.
එමෙන්ම ඉදිරියේදී කම්කරු නීති සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රජය කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවයි.
එමෙන්ම වැඩබිම තුළ ශ්‍රමික කාන්තාන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම ළමා ශ්‍රමය තුරන් කිරීමටත් පියවර ගනිමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.