IPL තරගාවලියේ එළැඹෙන 2025 වසරේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙසින් ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක මහේල ජයවර්ධන පත්කිරීමට එම කණ්ඩායම් හිමිකරුවන් කටයුතු යොදා තිබෙනවා.
මුම්බායි කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙසින් දකුණු අප්රිකානු හිටපු කඩුලු රකින්නෙකු මෙන්ම පිතිකරුවෙකු වූ මාර්ක් බවුචර් කටයුතු කළා.
කෙසේ නමුත් වසර දෙකක ඔහුගේ ධුර කාලය තුළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සැලකිය යුතු දක්ෂතාවක් දැක්වීමට නොහැකි වී තිබුණා.
විශේෂයෙන් මෙම වසරේ පැවති අදියරේදී මුම්බායි කණ්ඩායම ප්රසාද ලකුණු සටහනේ අවසන් (10) ස්ථානයට පත්වුණා.
IPL තරග ඉතිහාසයේ සාර්ථක කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන් 5 වරක් ශූරතාව දිනාගැනීමට සමත් වුණා.
ඉන් මහේල ජයවර්ධන ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ 2017-2022 දක්වා කාලසීමාවේ අවස්ථා තුනකදීම ශූරතාව දිනාගැනීමට මුම්බායි කණ්ඩායමට හැකිවී තිබුණා.