රජයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා නව දෙපාර්තමේන්තුවක් පිහිටුවා එහි ප්‍රධානත්වය ඊලොන් මස්ක්ට ලබාදීමට මීළඟ අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා.
එම නව දෙපාර්තමේන්තුව නම් කර ඇත්තේ “Department of Government Efficiency” යනුවෙන්.
ටෙස්ලා සහ ස්පේස් X සමාගම්වල ප්‍රධාන විධායකයා වන ඊලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා වනවා.
ඔහු සතු ධනයේ වටිනාකම ඩොලර් බිලියන 263ක් ලෙස සඳහන් වනවා.
ට්‍රම්ප් පවසා ඇත්තේ, මස්ක් අදාළ දෙපාර්තමේන්තුව ට විවේක් රාමස්වාමි සමග එක්ව නායකත්වය සපයනු ඇති බවයි.
2024 ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටි රාමස්වාමි පසුව එම තරගයෙන් ඉවත්වුණා.
අමෙරිකාවේ ප්‍රකට ව්‍යවසායකයෙක් වන ඔහු “Roivant Sciences” නම් ඖෂධ නිෂ්පාදන සමාගම 2014 වසරේදී ඇරඹුණා.