22 C
Colombo
Tuesday, January 7, 2025

ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

- Advertisement -

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පළමු එක්දින තරගය කඩුලු 09කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩාම සමත්වුණා.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත එක්දින නායක මිචෙල් සැන්ටර් විසින් පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා පිලට ආරාධනය කළා.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 43 යි පන්දු 4 ක් අවසානයේ දී සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 178 ක් පමණයි.

එක් අවස්ථාවක ලකුණු 23 ක් ඇතුළත මුල් පෙළේ කඩුළු 4 ක් බිඳ වැටී ශ්‍රී ලංකා පිල දැඩි අසීරු අඩියකට පත්ව සිටි අතර එහිදී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු (56) සහ ජනිත් ලියනගේ (36) එක්ව ගොඩනගන ලද ලකුණු 87 ක් සම්බන්ධතාවය හරහා යම්කිසි අස්වැසිල්ලක් ශ්‍රී ලංකා පිලට ලබා දීමට සමත්වුණා.

මීට අමතර මැදපෙළ පිතිකරුවන් ලෙසින් වනිඳු හසරංග ලකුණු 35 ක් සහ චමිඳු වික්‍රමසිංහ ලකුණු 22 ක් බැගින් ලබා ගැනීමට සමත්වුණා.

සෙසු එකදු පිතිකරුවකු හෝ ලකුණු 10 සීමාව ඉක්මවා යාමට සමත් නොවීම විශේෂත්වයක්.

අද දින ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ඒෂාන් මාලිංග එක්දින වරම් දිනාගැනීමටද සමත් වුණා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මැට් හෙන්රි සිය පන්දු වාර 10 තුළ දී ලකුණු 19කට කඩුළු 4 ක් දවා ගැනීමට සමත්වුණා.

ලකුණු 178ක පහසු ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩාම පන්දුවාර 26යි එක් පන්දු දෙකක් අවසානයේ එක් කඩුල්ලක් දැවි ලකුණු 180ක් රැස් කරමින් ජයග්‍රහණය වාර්තා කළා.

ඒ අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස නවසීලන්ත කණ්ඩායම පෙරමුණ ගත්තා.

RECENT ARTICLES - SINHALA

ජනපති අරමුදලින් සල්ලි ගත්ත අය ගැන විමර්ශනයක්

පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

විදේශ ගමන් බලපත්‍රයකට අමතර ගාස්තුවක් ගෙවන්න වෙලා

ආගමන හා විගමන දෙපාර්තුමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩර් ක්‍රියාවලියේ අඩුපාඩු නිසා අලුතින් මුද්‍රණය කරන සෑම විදෙස් ගමන් බලපත්‍රයකින්ම ඇමෙරිකන් ඩොලර් 1.50 ක් හෙවත් රුපියල්...

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි...

POPULAR ARTICLES